Colombo Dockyard සමාගම විසින් නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව ඊයේ (27) වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිරික්ෂණය කර තිබෙනවා.මෙය නිර්මාණය කර ඇත්තේ, ප්‍රංශයේ ඔරේන්ජ් මැරයින් සමාගම සඳහායි.මෙම නෞකාව සමුද්‍රීය පතුළේ රැහැන් එළීමේ කටයුතු ඇතුළු සමුද්‍රීය ඉදිකිරීම් කටයුතු සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි.දිගින් මීටර් 100 ක් වන අදාළ නෞකාව මඟින් මෙරටට ලැබී ඇති විදේශ විනිමය යූරෝ මිලියන 50 ක් බවයි වාර්තා වන්නේ.(Colombotimes.lk)