අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ මේ වන විට කැළණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්.
එමනිසා කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබෙනවා.
එමෙන්ම බැලුම්මහර කඩුවෙල නව නුවර පාර උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බවයි.
(colombotimes.lk)
