21 March 2025


ශාන් පුතාට ඇප



ගිනිඅවියක් ළඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙක් ඇප මත නිදහස් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රේල් මස 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)