එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බවයි.
මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම, පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම, වියළි ආහාර බෙදාදීම හා වීදි ලාම්පු සවි කිරීම යනාදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.
(colombotimes.lk)