පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 03 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වන බව බවයි වාර්තා වන්නේ.
විර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (21) පැවැත්වුණා.
එහිදී පක්ෂව ඡන්ද 159ක් සහ විපක්ෂව ඡන්ද 45ක් හිමිවී තිබෙනවා.
ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114කින් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
(colombotimes.lk)