1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එම පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නීතිපති විසින් නිෂ්කාශනය කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2024-02-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම පනත් කෙටුම්පත 2024-05-22 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් 2024-09-24 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වුණා.
ඒ අනුව 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පත නැවත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.