දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉතා අභිමානවත් ලෙස පහසුකම් සහිතව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කළා.
ඒ ''සිරි දළදා වන්දනාව'' සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.
උතුම් දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේ 18වනදා සිට 28වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් අධිකාරි ඩී. සී. ඩී. ඉලංගකෝන් කියා සිටියේ දළදා වහන්සේට පූජා කරන පූජා භාණ්ඩයක් හැර අන් කිසිවක් ඇතුළට රැගෙනයාමට අවස්ථාවක් නොමැති බවයි.
එමෙන්ම ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත් එය ක්‍රියාවිරහිත කර තබා ගත යුතු බවත් කිසිවිටෙකත් ඡායාරූප ලබාගැනීමට අවස්ථාවක් නොදෙන බවද පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දළදා ප්‍රදර්ශනය පවතින උදෑසන 7.30 සිට රාත්‍රී 2 දක්වා වූ කාලය තුළ 35,000කට පමණ රාත්‍රී ආහාරය ලබාදීමේ කටයුතු ශ්‍රී දළදා මාළිගයෙන් සිදු කිරීමටද නියමිතයි.
(colombotimes.lk)