රාජ්‍ය සේවයේ පත් කිරීම් යම් ක්‍රමවේදයක් යටතේ සිදු කරමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (18) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ මානව හිමිකම් කොමිසම, පළාත් සභා ඇතුළු ආයතන 10ක පුරප්පාඩු 7456ක් ඇති අතර මේ වන විට එම බඳවා ගැනීම් සිදු කරන බවයි.
එමෙන්ම සමස්ථයක් ලෙස 15921 රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)