06 June 2025


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්



පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් වන්නේ මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවයි. 

2025 මැයි 31වනදා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මඟින් දැනුවත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, 



(colombotimes.lk)