06 June 2025


ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති ඇමති හමුවෙයි



ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවී තිබෙනවා.

එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්ත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන ස්ථාන සඳහා අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කරන ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය කෙරෙහි එහිදී බලශක්ති අමාත්‍යවරයාගේ අවධානයට ලක්වී තිබෙනවා. 

 
(colombotimes.lk)