18 April 2025


රනිල්ගෙන් විශේෂ නිවේදනයක්



තමන්ව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙළ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබාදී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහු සහ ඔහුගේ නීතීඥයන් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotime.lk)