තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,913ක් පවතින බව අනාවරණය වී තිබෙනවා.
ඒ ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විගණන වාර්තාවක් මඟින්.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවක සංඛ්‍යාව 27,372ක් වුවත් දැනට සිටින සේවකයන් සංඛ්‍යාව 21,459ක් බව අදාළ විගණන වාර්තාවේ සඳහන් වනවා.
එමෙන්ම අනිකුත් ශ්‍රේණි හා සේවාවල පුරප්පාඩු 3,660ක් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සේවාවල පුරප්පාඩු 63ක් පවතින බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)