13 June 2026

logo

අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ බස් රථ සේවාවක්



සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා සියලු පළාත් කේන්ද්‍ර කරගනිමින් අදත් (19) විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දුර සේවා බස් රථ භාවිත කරන මඟීන්ගෙන් ඉල්ලා සිටියේ පස්වරුවේ අධික තදබදයක් මතුවිය හැකි බැවින් හැකි තරම් වේලාසනින් බස් රථ වෙත යොමුවන ලෙසයි.

(colombotimes.lk)