12 May 2025


ගැරඬිඇල්ල බස් රථ අනතුර ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්



ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් 2ක් සූදානම් කර තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මතයි.

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මේ වන විට එම අනතුරින් පුද්ගලයන් 21දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

(colombotimes.lk)