ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක්, ඇමරිකාවේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් මාස ගණනක් ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම පවත්වාගෙන යාමේ ශක්‍යතාව සහ ඉන් ඇමරිකානු පාරිභෝගිකයන්ට ඇති වන බලපෑම අවම කරගැනීමට ගත හැකි පියවර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)
