'සිරි දළදා වන්දනාව' සඳහා පැමිණෙන සැදැහැවතුන් සායනික ඖෂධ ලබාගන්නවා නම් දින 5කට පමණ හෝ ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසත් සායනික පොතද රැගෙන එන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.
කුණ්ඩසාල පොලිස් රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනක සෝමරත්න සඳහන් කළේ 'සිරි දළදා වන්දනාව' සඳහා පැමිණෙන සැදැහැවතුන් ඔවුන්ගේ සායනික ඖෂධ ගෙන ඒමක් සිදු නොකරන බවට පෙනීගොස් ඇති බවයි.
ඖෂධ රැගෙන යාමට ආරක්ෂක අංශවලින් කිසිදු බාධාවක් නොමැති බව වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)