22 April 2025


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සෙවීමට කමිටුවක්



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

එහි ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටව දරන බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ එම කමිටුවේ ඉතිරි සාමාජිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.   

(colombotimes.lk)