දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාපතනය හමුවේ ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව දූනමලේ මිනුම් මධ්‍යස්ථානයට අනුව මේ වන විට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි වාර්තා වී ඇති බවත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්ම වූ තද වැසි වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කළා. 
(colombotimes.lk)
