colombotimes.lk
සිංහල | English

07 May 2024

කංචනගේ නිවසට විශේෂ ආරක්ෂාවක්



විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

5 වැනිදා උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි.

ඒ අනුව අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර ඇති බව සඳහන්.

ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට ද නියමිත බව සඳහන්.
(Colombotimes.lk)