වෙසක් සතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම කාලසීමාව තුළ සැදැහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වන බවයි.
එමෙන්ම වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රර්දර්ශනය, බැති ගී සන්දර්ශන, දන්සල් ආදිය සංවිධානය කිරීමත් සිදු කරන බව පොලීසිය සඳහන් කළා.
එම ස්ථානවල ඇති වන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්‌ග ගැනීමට පොලිස්පතිවරයා විසින් මේ වන විට සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)
