ජාතික ජන බලවේගයේ කිසිවෙක්ට පන්සල්වලට අයත් ඉඩම්වලට අත තැබීමේ වුවමනාවක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
ඒ ගම්පහ ඉඹූල්ගොඩ ප්‍රදේශයේ පවතින ඉඩමකට ඇතුල්වීමේ චෝදනාව සම්බන්ධයෙන් පෞද්ගලික පැහැදිළි කිරීම් යටතේ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අමාත්‍යවරයා එම පත්ඉරු සභාගත කරමින් සඳහන් කළේ 2012 වසරේදී රුපියල් ලක්ෂ 05ට ගත් ඉඩම් ලක්ෂ 120ට විකුණා ඇති බවයි.
ඇතැම් ඉඩම් පිළිබඳ ඔප්පු ලියා තිබෙන්නේ අරලියගහ මහන්දිරයට ගෙන්වාගෙන බවත් එම ඉඩම් කිසිවක් පන්සලකට අයත් වන බවක් පත්ඉරුවල සඳහන් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ගොනු කරඇති බවයි.