ඉරානය කලාපීය සාමය වෙනුවෙන් කැපවී සිටින නමුත් යුද්ධය අවසන් කළ හැක්කේ ඉරානයේ 'නීත්‍යානුකූල අයිතිවාසිකම්' පිළිගතහොත් පමණක් බව, එරට ජනාධිපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසනවා.
ඔහු කියා සිටියේ තමන් රුසියානු සහ පාකිස්ථාන නායකයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ බවයි.
එමෙන්ම මෙම ගැටුම් ඊශ්‍රායලය සහ ඇමරිකාව විසින් ආරම්භ කළ බවද ඉරාන ජනාධිපතිවරයා යළිත් වරක් අවධාරණය කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ යුද්ධය අවසන් කිරීම පිළිබඳ ඕනෑම යෝජනාවක කොන්දේසි ලෙසින් ඉරානයේ අයිතිවාසිකම් පිළිගැනීම, වන්දි ගෙවීම සහ අනාගත ආක්‍රමණවලට එරෙහි වන බවට ජාත්‍යන්තරයෙන් සහතිකයක් අවශ්‍ය බවයි.
(colombotimes.lk)
