දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අදාළ පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
එමෙන්ම මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන බවද එම නිලධාරීන් දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් 18වනදා කැඳවන ලෙස නියෝග කළා.
(colombotimes.lk)