මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වුණා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු වන බවයි.
ඒ අනුව අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දිනයන්වලද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව එම කොමිසම සඳහන් කළා.
රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින 04 තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495දෙනෙක් සුදුසුකම් ලබා සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
(colombotimes.lk)