24 April 2025


නෙවිල් සිල්වා අධිකරණයට භාර වෙයි



කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.

ඔහු අද (24) මෙලෙස අධිකරණයට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබෙනවා.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළා.

මෙම නඩුවේ 09වන සැකකරු හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)