ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.50ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 304.16ක් ලෙසයි.
එම අගයන් ඊයේ පිළිවෙළින් රුපියල් 295.46ක් සහ රුපියල් 304.10ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)