මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඡන්ද අපේක්ෂකයන් 25දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය මාර්තු 3වනදා සිට අද (24) දිනය දක්වා කාලය තුළදීයි.
එමෙන්ම ඊයේ (23) දිනය තුළ ආධාරකරුවන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ආධාරකරුවන් ගණන 98ක් බවයි.