colombotimes.lk
සිංහල | English

04 May 2024

EXCLUSIVE | හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්



හෙට (24) දිනයේ කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මේ අතර මාර්ග කිහිපයක් විටින් විට වසා තැබීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය පස්වරු 2.00 සිට 3.00 දක්වාත් රාත්‍රී 9.30 සිට 10.30 දක්වාත් වසා තැබෙන බවයි පොලීසිය කියා සිටියේ.

එමෙන්ම පෙරවරු 9.45 සිට 11.00 දක්වා මත්තල සිට තණමල්විල දක්වාත්, කුඩා ඔය හරහා වැල්ලවාය දක්වාත්, වැල්ලවායේ සිට ඇල්ල පාර ඔස්සේ උමා ඔය දක්වාත් මාර්ගය කොටස් වශයෙන් වසා දැමෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
 
මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන්නේ ඉරාන ජනපතිවරයාගේ පැමිණීම හේතුවෙන්.
 
(colombotimes.lk)