ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (22) පස්වන දිනටත් පැවැත්වෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේදී දළදා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම අප්‍රේල් 27 දක්වා සෑම දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවට අවස්ථාව සළසා දී තිබෙනවා.
මහනායක හිමිවරුන් සැදැහැවතුන්ට දැනුම් දෙන්නේ සුදු වතින් සැරසී, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.
(colombotimes.lk)