වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ඊයේ (14) වන විට ආදායම රුපියල් ට්‍රිලියන 1.18ක් ලෙස සටහන් වූ බවයි.
එමෙන්ම වසරේ ගත වූ මාස 4 තුළ සෑම මසකම රේගුවේ ආදායම ඉලක්කය 130% සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එම මාස 4 තුළ වැඩිම ආදායමක් පසුගිය අප්‍රේල් මාසයේදී උපයා තිබෙන බවයි.
(colombotimes.lk)
