ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එහි පවතින යුධමය තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි.
නුදුරේදීම එම කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)