2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවම සතුටින් සිටින රටවල් අතර ශ්‍රේණිගත කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව ලකුණු 4.0ක් ලබා ගනිමින් 134වන ස්ථානයේ පසුවන බවයි සඳහන් වන්නේ.
2025 වසරේදී 133වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 134 දක්වා තවත් එක් ස්ථානයක් පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවට පහතින් සිටින එකම ආසියානු රට ඇෆ්ගනිස්ථානය බවයි සඳහන් වන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ ෆින්ලන්තය පළමු ස්ථානයේ පසුවන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, කොස්ටාරිකාව සහ ස්වීඩනය යන රටවල් ප්‍රථම ස්ථාන 05 තුළ ශ්‍රේණිගත කර තිබෙනවා.
නෝර්වේ, නෙදර්ලන්තය, ඊශ්‍රායලය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, මෙක්සිකෝව, අයර්ලන්තය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව සතුටින්ම සිටින රටවල් 15 අතරට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
