19 April 2025


එක්සත් ජාතීන්ගේ ලැයිස්තුවෙන් ලංකාව හැලෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළ බවයි.

ඔවුන් ඉදිරිපත් කර ඇති වාර්ථාවෙන් ඇමරිකා අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම හා කුඩාම රටවල් 28ක් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)