colombotimes.lk
සිංහල | English

04 May 2024

VIDEO | ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව තැන්පත් කිරීම හෙට



මෙරට විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට (23) දිනයේදී සිදු කෙරෙනවා.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා මෙම ප්‍රතිමාව වැඩම කරවනු ලබන බව සඳහන්.

මෙම ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවයි සඳහන් වන්නේ.

සමන් දේව ප්‍රතිමාව වැඩම කළ මාර්ගය දෙපස වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටි බව Colombo Times අප වාර්තාකරු ප්‍රකාශ කළා.

(colombotimes.lk)