ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තනාපතිනි කාමෙන් මොරිනෝ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.
යුරෝපා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අන්තර් සහයෝගීතාවයක් ඇති කර ගනිමින් ඉදිරියේදී කටයුතු කිරීමට ඇති හැකියාවන් පිළීබදව මෙම හමුවේදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
රටේ වත්මන් දේශපාලන තත්වය, සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර පිළිබඳව, යූරෝපා සංගමයට අයත් රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට යොමුවීම පිළිබදව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)