හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව ඊයේ (17) සිට අදාළ අත්හිටුවීම සිදු කර තිබෙනවා.
අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)