ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
පසුගිය 20වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව නව තේරීම් කමිටුවට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව තේරීම් කමිටුව සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ කමිටුවේ සභාපති ධූරය සඳහා කපිල විජේගුණවර්ධන පත් කර ඇති බවයි.
අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මෙම කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනු ලබනවා.

(colombotimes.lk)