08 May 2025


ශ්‍රීලංකන් කාගෝ වෙත ජාත්‍යන්තර සහතිකකරණයක්



ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (Cargo) CEIV ලිතියම් බැටරි සහතිකකරණය හිමි කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන්සේවා සංගමය වන IATA (Inte ational Air Transport Association) මඟින් මෙම සහතිකකරණය පිරිනමන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට ශ්‍රීලංකන් ගුවන්සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් හා සේවා සම්පාදක සමාගම් අතරට එක්වී තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

(colomboimes.lk)