26 March 2025


ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි



ව්‍යාපාරික ඊලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පුළුල් පරාස සේවාවන් මෙරට තුළ තාවකාලිකව අන්හිටුවීමට තීරණය ගෙන තිබෙනවා.

ඩිජිටල් අර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ දත්ත සහ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තුරු එම ක්‍රියාවලිය අන්හිටුවා ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්ව ස්ටාර්ලින්ක් ආයතනය සමඟ ඒ සම්බන්ධයෙන්  තවදුරටත් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)