15 May 2025


දුම්රිය සේවයේ ගැටලුවලට හේතු ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හෙළිකරයි



දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු හේතුවෙන් දුම්රිය ධාවනයේදී ගැටලු මතුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මෙම තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවලදී දුම්රිය ප්‍රමාද වීම් මත මගීන් දැඩි දුෂ්කරතාවට පත්වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවක හිඟයක් මෙන්ම ප්‍රමාණවත් පරිදි දුම්රිය එංජින් සහ මැදිරි නොමැති වීමද ගැටලුකාරී තත්ත්වයක් වී ඇති බව ඔහු කියා සිටියා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවදිදුරට්ත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තද ඊට මෙතෙක් විසදුම් ලැබී නොමැති බවයි.

 
(colombotimes.lk)