රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු දැනට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවයි.
මාතර, වැලිගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 28වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයා ඇතුළු 8දෙනෙක්ට වරෙන්තු නිකුත් කර තිබුණා.
ඒ අනුව පෙරේදා අධිකරණයට ඉදිරිපත් කළ දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(colombotimes.lk)