අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ සෑම පුද්ගලයෙක්ටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි.
එමෙන්ම ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියා.
මේ වන විට සුව පහසු නිවාස හිමිකමක් නොමැති පුද්ගලයන් මිලියනයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් 65,000ක් කොළඹ නාගරික සීමාවේ සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
ලේඛම්වරයා සඳහන් කළේ ජන හා නිවාස සංගණනයේද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බවයි.
(colombotimes.lk)