02 August 2025

logo

කොදෙව් නේපාල ක්‍රිකට් ගැටුමට Superman එයි



ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. 

එම තරගයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් ICCය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. 
 
ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල දවාගත් අවස්ථාවයි එහි දැක්වෙන්නේ. 
 
එහිදී අගනා පන්දු රැකීමක නිරතවන Bhurtel විසින් Kyle Mayers ලබාදුන් උඩපන්දුවක් විශිෂ්ට අන්දමින් රැකගැනීමට සමත්වුණා. 
 
Karan KC විසින් යොමුකළ පන්දුවකට ලබාදුන් උඩපන්දුව Bhurtel විසින් ගුවනේ පාවී ගොස් රැකගනු ලබන අතර එම වීඩියෝව ICCය විසින් සංස්කරණය කොට ඇත්තේ Supermanගේ පළඳනාව සහිතවයි.
(colombotimes.lk)