02 January 2026

logo

මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය නිශාන්ත ජයවීරට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබෙනවා. 

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)