ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවුන් කඳු මුදුන් 02කින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රීය වී තිබෙන බවයි.
එරට වේලාවෙන් ඊයේ (01) රාත්‍රියේ මෙම ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රීය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසකට අහස පුරා විසිරී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය හැකි බැවින් ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම ගිනි කන්දේ පිපිරීම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අතර පසුගිය ජූලි මාසයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් බාලි දූපත වෙත ගමන්ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව පැසිෆික් 'ගිනි වළල්ල' මත පිහිටා තිබීම හේතුවෙන් ඔවුන්ට නිතර භූ කම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදු වී තිබෙනවා.
(colombotimes.lk)