02 January 2026

logo

විශේෂ පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.
 
එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ, 

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවකට අනුව එම කටයුතු සිදු වන අතර මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)