02 August 2025

logo

FishiFox වෙතින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැලක්



මිනිස්බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඩිජිටල් අලෙවි කළමනාකරණ දෙදින පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. 

ඒ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. 

FishiFox පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක තුෂාර සේනාරත්න මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවූවා.

මෙම වැඩසටහන සඳහා ඇහැලියගොඩ, කුරුවිට ප්‍රදේශයේ සිටින කුඩා හා මධ්‍යම පරිමානයේ නව ව්‍යාපාර ආරම්භ කරන සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් රැසක් සහභාගී වුණා.

ව්‍යාපාර නාමයන් සකස් කිරීම, ව්‍යාපාර ගොඩනැගීම, ගැටලු නිරාකරණය සහ එම ව්‍යාපාර සඳහා අවශ්‍ය වෙළෙඳ දැන්වීම්, Logo නිර්මාණය, Ai භාවිතයෙන් ව්‍යාපාරයට අවශ්‍ය නිර්මාණයන් සිදු කිරීම, අන්තර්ජාලයේ එම ව්‍යාපාර ප්‍රචලිත කිරීම, අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් සොයාගැනීම, විකිණීම,  තම භාණ්ඩ හා සේවාවන් නිසි අයුරින් ප්‍රවර්ධනය කිරීම වැනි බොහෝ දේ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් මෙම වැඩමුළුව මඟින් ලබාදුන්නා.

මෙම වැඩමුළුවේ විශේෂ අවස්ථා පහතින්,








(colombotimes.lk)