පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්වී තිබෙනවා.
ඒ අනුව අද (15) පැවති එම නගර සභාවේ මංගල සැසිවාරයේදී නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න තේරී පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උප නගරාධිපති ධූරයද ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වූ අජිත් විජයමුණි සොයිසාට හිමි වී තිබෙනවා.
(colombotimes.lk)