ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද ඔහු අධිකරණයට රැගෙන විත් ඇති අතර සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද (20) කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
