නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි 34,000ක් අඩංගු දුම්වැටි කාටූන් 170ක් සමඟ විදේශිකයෙක් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන බංගලාදේශ ජාතික ව්‍යාපාරිකයෙක්.
ඒ අනුව රේගු පරීක්ෂණයේදී අදාළ සැකකරු සන්තකයේ තිබූ දුම්වැටි සියල්ල රාජ සන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
